මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියාකරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු ස්වභාවදහමට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්රජන් නැවත සොයා ගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය, චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රී ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින්.
නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරු පුරුදු භාවිතය තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිධන් ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතල ගැටලුවක් වී තිබෙනවා.
රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම ඊට ප්රමුඛ හේතුවක් බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් සිය රජය පියවර ගත්තේ මේ හේතුවෙන් බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබෙනවා.
රසායනික පොහොර සඳහා සහය දක්වන කණ්ඩායම් වලට අමතරව අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිත කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතාව පැමිණ ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ශ්‍රි ලාංකීය පොහොසත් කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේදී මෙය අවාසනාවන්ත තත්ත්වයක් බවයි ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(Neth)