ජගත් දේශගුණික සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වෙනවා.
මේ අතර නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර ඇති බව සඳහන්.
ඒ සඳහා ලොව පුරා රටවල් 197 ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතයි.
(Aruna)