Saturday, November 02, 2024
Follow Us
මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් යළි පහළ දමයි

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 මට්ටම දක්වා පහළ දමා තිබේ.

2021 ජුලි 19 වනදා සිට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳව කළ සමාලෝචනයකින් අනතුරුව ඔවුන් මෙම පහළ දැමීම සිදුකර ඇත.

මීට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඉතාම අඩු අගයක් දක්වා පහළ වැටීම, ඉදිරි ණය පියවීම් සඳහා සුරක්ෂිත මූල්‍යකරණ ප්‍රවාහයක් නොමැතිවීම, රටේ බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පැවතීම, ස්වෛරීත්ව බැඳුම්කර Swap පහසුකම් සහ ද්විපාර්ශ්වික ණය වැනි කොටස් වශයෙන් ලැබෙන අරමුදල් මත දිගටම රඳාපැවතීම යනාදියයි.

(LNW)