Saturday, November 02, 2024
Follow Us
ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලන්න යන්න එපා

තමිල්නාඩු පොලීසියෙන් ඉන්දීය ධීවරයන්ට දැනුම්දීමක්


ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් ජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් මෙරට ධීවර කටයුතුවලට නොයන්නැයි තමිල්නාඩු පොලිසිය ඉන්දීය ධීවරයන් වෙත දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

කච්චතීවු දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ මසුන් මැරීම සම්බන්ධයෙන් ඉන්දු ශ්‍රීලංකා ධීවරයන් අතර පවතින මතබේදාත්මක තත්වය මත ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මැරීමට ඉඩකඩ නොතබන ලෙසට තමිල්නාඩු පොලිසිය ඉන්දීය වෙරළාරක්ෂක බළකාය හා ඉන්දීය නාවික හමුදාව ඇතුළු ප්‍රාන්ත වෙරළ තීරයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ලටම දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

ඉන්දීය වෙරළ ආරක්‍ෂක කණ්ඩායමේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල් සංදීප් මිත්තල් ඉන්දීය ද හින්දු පුවත් සේවය හා සඳහන් කර සිටියේ අවදානම් සහිත ප්‍රදේශවල වැඩි ආරක්ෂාවක් සැපයීම සඳහා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක හමුදාව දැනුවත් කළ බවයි. කෙසේ වෙතත්, පසුගිය මාස 8 තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන්ට එරෙහිව සිදු කළ ආක්‍රමණික සිද්ධීන් වැඩි වී ඇති හෙයින් ඒ පිළිබද ශ්‍රීලංකා නාවික හමුදාව දැනුවත් කළ යුතු බවය.
මේ අතර ඉන්දියාවේ ධීවරයන්ට කච්චතිව් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන් අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් රාමේෂ්වරම්හි යාන්ත්‍රික බෝට්ටු ධීවරයන් ඊයේ (18) සිට සතියක් පුරා විරෝධතාවක් ආරම්භ කළහ. එසේම ඉකුත්දා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර බෝට්ටුවලට සුදුසු වන්දි මුදලක් ලබා දෙන ලෙස ද මෙම රාමේෂ්වරම් හී ධීවරයෝ උද්ඝෝණයේ නිරතව සිටිති. කෙසේ වෙතත් ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර මසුන් මැරීමට එරෙහිව ශ්‍රීලංකාවේ ධීවරයන් ද පෙරේදා (18 වැනිදා) මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු ප්‍රදේශය හා ධීවර යාතාවලින් විරෝධතා පෙළපාළියක නිරත විය.

පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත එහි අයිතිය පිළිබඳ දීර්ඝ කාලීන මතභේදාතමක කරුණු කියැවුණද 1974 දී එවකට ඉන්දීය අග්‍රමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි සහ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක අතර අත්සන් තැබූ ගිවිසුම ප්‍රකාරව එය ශ්‍රී ලංකා රජයට අයත් විණි.

(Aruna)