ගතවූ සතිය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 919ක් බව ලොව කොවිඩ් දත්ත රැස් කරන ප්‍රධානතම වෙබ් අඩවියක් වන worldometers වෙබ් අඩවිය පෙන්වා දෙයි.
එම සතියේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22180ක් වන අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 8%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
එම සතියේ කොවිඩ් මරණ සංඛ්‍යාව 919ක් බවට පත්ව ඇත්තේ පෙර සතියට සාපේක්ෂව 58%ක වර්ධනයක් පෙන්නුම් කරමිනි.
එම සතියේ ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියනයකට කොවිඩ් මරණ සංඛ්‍යාව 43කි. එම අගය ආසියාවෙන්ම 4 වැනි ස්ථානයෙහි පවතින අතර ලෝකයෙන්ම 15 වැනි ස්ථානයෙහි පසුවෙයි.
( මෙරට තුන්වැනි කොවිඩ් රැල්ල ඇරඹෙන තුරුම එනම් 2021 අප්‍රේල් 14 වනදා වනතුරුම මෙරටින් වාර්තා වී තිබුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 604ක් පමණි. ඒ අනුව සතියක් තුළ කොවිඩ් මරණ 919ක් වාර්තා වීම යනු කෙතරම් භයානක තත්වයක් ද යන්න පැහැදිලි වනු ඇත. )
(LNW)