ගතවූ සතියක කාලය තුළ නිකුත් කෙරුණු දත්ත පරිදි ජනගහණයෙන් මිලියනයකට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ආසියාවෙන් 7 වන ස්ථානයටත් ලෝකයෙන්ම 27 වන ස්ථානයටත් පත්ව තිබේ.
එම සතියක කාල සීමාව තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 581ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ජනගහණයෙන් මිලියනකට කොවිඩ් මරණ සංඛ්‍යාව 27ක් වශයෙන් දක්වා ඇත. එසේම ඊට පෙර සතියට සාපේක්ෂව ගිය සතියේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ප්‍රමාණය 52%කින් ඉහළ ගොස් ඇති බවත් worldometers වෙබ් අඩවියෙහි දැක්වේ.
ගතවූ සතිය තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 18226 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 31%ක වැඩිවීමකි.
(LNW)