දැනට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක වෙත සයිනොෆාම් එන්නත සපයා දෙමින් ඇති අතර සමාජ හැසිරීම සහ සෙසු පාර්ශ්ව සමඟ ගනුදෙනු කරන ආකාරය සැලකිල්ලට ගෙන ෆයිසර්, ස්පුට්නික් සහ කොවිෂීල්ඩ් එන්නත් ලබා දීමට කටයුතු කරනු ලබයි. පසු ගිය සතියේදී පමණක් මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සක ප්‍රමාණයක් මෙරටට ලැබුණු අතර එය එන්නත්කරණය වේගවත් කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත. එය මෙරටට එකවර ලැබුණු වැඩිම එන්නත් ප්‍රමණයයි.
අර්බූදයට ලක්ව ඇති ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 7 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර එය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව ජපානයේ අගමැතිවරයා සමග කළ දුරකතන සාකච්ඡාවක ප්රතිඵලයකි. එය එම එන්නතේ දෙවන මාත්‍රාව ගැනීමට නොහැකි වුණු ලක්ෂ ගණනක් වු පිරිසට සැනසුම් සහගත පුවතකි.
එමෙන්ම කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට පසුගියදා ලැබිණි. මේ සියල්ල නිසා මෙරට එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකත්වය වෙත ගමන් කරමින් තිබේ.
වසංගතයට බියේ සැඟවීමෙන් වසංගතය මෙල්ල කළ නොහැකිය. එමෙන්ම එන්නත් මඟ හැර වෙනත් කරල් හෝ පැනි වර්ග පානය කිරීමෙන් වසංගතයට ගොදුරු නොවන බවට කිසිදු විද්‍යාත්මක තහවුරුවක් නැත. එනිසා ඒවා පසුපස යෑම මිත්‍යාවකි. එනිසා ඇති එකම විසඳුම එන්නත පමණි. රජය විශාල පිරිවැයක් යොදමින් කරන එන්නත් වැඩපිළිවෙළට පුරවැසියන් ලෙස සහාය දීම සියලු දෙනාගේම යුතුකමකි.
මේ වන විට ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ කොවිඩ් එන්නත් කෝටි එකහාමාර ඉක්ම වන ප්‍රමාණයක් ලැබී ඇති අතර විවිධ රටවලින් ප්‍රදානයන් ලෙස ලක්ෂ 40 ක් ලැබී තිබේ. ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් මිල දී ගෙන තිබේ.
මෙය අනාගතයේ අප රට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට හෝ සහායක් ලබා ගත හැකි එකක් වුව ද එම තත්ත්වය ස්ථාවර කර ගත හැක්කේ අප ද පුරවැසියන් ලෙස යහපත් සුව පුරුදු අනුගමනය කළ හොත් පමණි.
(LNW)