Saturday, November 02, 2024
Follow Us
සංචාරක තහනමක් ගැන ඇමති ප්‍රසන්න ගෙන් ප්‍රකාශයක්

පවත්නා කොරෝනා අවදානම හමුවේ රටවල් 20ක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කර තිබෙන බවත් එම සිමාවන් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, වියට්නාමය යන රටවල් එලෙස තම වැසියන්ට තහනම පනවා ඇති බවය.

ඒ අනුව තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දැනටමත් ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු සිදුකරන බවද ඇමතිවරයා පවසයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමග සංචාරකයින් ගෙන්වා ගැනීමේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබද කළ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

(Aruna)