Saturday, November 02, 2024
Follow Us
කොවිඩ් එන්නත ගත්තත් ඩෙල්ටා හැදෙනවා

කොරෝනාවෙන් බේරෙන්න එන්නතින් බැරිද?

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ටද ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥයින් උපුටා දක්වමින් රොයිටර් ප්‍රකාශ කරනුයේ ඒ පිළිබඳ මේ වන විට සාක්ෂි ලැබෙමින් පවතින බවයි.

කොරෝනා එන්නත්කරණය වෛරස් ආසාදනය උත්සන්න වීම සහ රෝහල්ගත කිරීම අවම කිරීමට හේතුවන කරුණක් වන නමුත් අවදානම් කාණ්ඩවල සිටින විශාල පිරිසක් තවමත් එන්නත්කරණය ලබා නොතිබීම ගැටළුවක් බව ලොව පුරා දත්ත විශ්ලේෂණය කරමින් වසංගත රෝග විද්‍යාඥයින් සඳහන් කරයි.
රටවල් රැසක් නිරෝධානය නීති ලිහිල් කරමින් තිබෙන මෙම අවස්ථාවක එය විශාල අභියෝගයක් වන බව විද්‍යාඥයින් සඳහන් කරයි.

(Aruna)