Saturday, November 02, 2024
Follow Us
ටෝකියෝ 2020: ඔලිම්පික් ගම්මානයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 153 ක් !

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ආශ්‍රිතව මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 153 ක් වාර්තා වී තිබෙනවා. ඒ පසුගිය ජුලි පළමුවැනිදා සිටයි. ඉන් 79 දෙනෙකු ජපන් වැසියන් වන අතර සෙසු 74 දෙනා විදෙස් රටවල සිට ඔලිම්පික් උළෙල සඳහා පැමිණි ක්‍රීඩකයන් හා වෙනත් පුද්ගලයන් වේ.

ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව හා ගුවන්තොටුපල ආශ්‍රිතව දෛනිකව පරීක්ෂණ 30,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කරන අතර ඉන් ආසාදිතයන් වාර්තා වන්නේ 0.1% කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඊයේ දිනයේදී පමණක් පරීක්ෂණ 35,202 ක් සිදුකර ඇති අතර ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ 10 ක් පමණි.

ඔලිම්පික් උළෙලට අදාලව මේ දක්වා සිදුකර ඇති සමස්ත පරීක්ෂණ ප්‍රමාණය 276,997 කි.

ඔලිම්පික් උළෙල ආරම්භවීමට දින කිහිපයකට පෙර සිදුකළ සමීක්ෂණයකදී ජපන් වැසියන්ගෙන් 60% කට ආසන්න පිරිසක් ඔලිම්පික් උළෙල ‍නොපැවැත්විය යුතු බව ප්‍රකාශ කර තිබිණි. කෙසේ නමුත් මේ වනවිට ජපන් වැසියන් බොහෝදෙනා ඔලිම්පික් උළෙල සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළකර තිබෙනවා.

(LNW)