Saturday, November 02, 2024
Follow Us
වීසා ඇති ඉන්දියානුවන්ට ලංකාවට එන්න අවසර

හදිසි අවශ්‍යතාවන්ට ඉන්දියානුවන් මෙරටට ගෙන්වා ගන්න ඕන මෙහෙමයි


වලංගු ශ්‍රී ලංකා වීසා බලපත්‍රයක් ඇති ඉන්දියානු ජාතිකයන්ට (නේවාසික සහ වෙනත්) සෞඛ්‍ය හා විදේශ අමාත්‍යාංශවල මෙන්ම ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දී ඇති බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දීය ජාතිකයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව සිය අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

එවැනි අයැදුම්පත්වලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසු විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අනුමැතිය නිකුත් කරනු ඇත.

හදිසි අවශ්‍යතා සඳහා විශේෂඥයන්, කම්කරුවන් සහ වෙනත් පුද්ගලයන් ගෙන්වා ගැනීමට අදහස් කරන ශ්‍රී ලංකාවේ සමාගම් සහ ව්‍යාපෘතිවලට මෙම උපදෙස් අනුගමනය කරමින් ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට ගෙන්වාගත හැකි බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් 2021 මැයි 06 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට තාවකාලික ගමන් තහනමක් පනවන ලදී.

(Aruna)