චීන ජනාධිපති ෂී ජින්පින්ග් විදෙස් බලවතුන්ට අනතුරු හැඟවීමක් සිදුකර තිබේ.
ෂී ජින්පින්ග් මෙම අදහස් දැක්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදීයි.
තම රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි යනුවෙන් චීන ජනාධිපතිවරයා පවසා ඇත.
විදෙස් මාධ්‍ය සදහන් කළේ එම ප්‍රකාශය ඇමෙරික් එක්සත් ජනපදය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා විසින් මේ බව පවසන්නට ඇති බවයි.
චීන ජනාධිපතිවරයා එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ තම රට විදෙස් බලවේගයන්ගේ අනවශ්‍ය දේශනාවලට සවන්දීමට සූදානම් නොමැති බවයි.
චීනය විසින් හොංකොං ජනතාවගේ මානුෂීය අයිතිවාසිකම් උල්ලංගණය කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක් කළ චෝදනාවට ප්‍රතිකාර දක්වමින් ෂී ජින්පින්ග් මෙම අදහස් පළ කර තිබේ.
(Aruna)