Friday, November 01, 2024
Follow Us
ලංකාවේ තත්ත්වය ගැන අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කිරීමක්

මෙරට පැවති යුධ සමයේ LTTEය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය යුධ අපරාධ චෝදනා සහ ලංකවේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඇමරිකානු රජය දැනුවත් කිරීමක් සිදුකර ඇත.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කටයුතු කර තිබේ.

ඇමරිකානු කොංග්‍රස් සභික ඩීනා ටයිටස්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මෙන්ම එරට කොන්සියුලර් ජනරාල් ලලිත් චන්ද්‍රදාස යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පසුගිය සිකුරාදා ලාස් වේගාස්හීදි පවත්වා ඇත.

එසේම මෙම සාකච්ඡාවේදී මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය, කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අමෙරිකානු රජයේ අවධානය යොමු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට ලබාදීම‍ට අදහස් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය වැඩි කර ගැනීම කෙරෙහි මෙන්ම හැකි ඉක්මනින් එහි පළමු සහ දෙවන මාත්‍රා ශ්‍රී ලංකාවට යැවීමටත් එකඟතාවයක් ඇතිකර ඇත.

එමෙන්ම අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති House Resolution 413, මගින් පෙන්වාදෙන අයුරින් යුද්ධය පැවති සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේ කිසිම් අයුරකින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වී නැති බවත්, මානුෂිය මෙහෙයුම් උපරිම අන්දමින් කෙරුණු බවත් තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මේ ගැන දැඩිව අවදානය යොමුකළ, ඩීනා ටයිටස් මහත්මිය කොංග්‍රස් සභාවේ සියලුම සමාජිකයින් ඒ පිළිබඳව දැනුවත් කරන බව සඳහන්කර ඇත.

(Aruna)