Friday, November 01, 2024
Follow Us
ලංකාවේ ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට

ලංකාවේ ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමේ උත්සහයක්


ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණය වීමත් සමග තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබේ.

තමිල් නාඩු ප්‍රාන්ත පොලිසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඉකුත් සෙනසුරා (ජූනි 12) දිනයේ සවස එරට මධ්‍යම බුද්ධි අංශය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

ඒ අනුව පොලිසිය කන්යාකුමාරි, තූත්කුඩි, රාමේෂ්වරම් යන ප්‍රදේශවල මෙන් ම චෙන්නායි යන නගරයේ ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න තහවුරු වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය ද ඉහළ දමා ඇති බව සඳහන්ය.

(Aruna)