ආරක්ෂක අමාත්‍යාංශයේ ඇස් වසා සමන්තාගේ බැටෑලියන් එක මෙරටට ඇතුළු වූ විදිහ එළිවේ
රාජ්‍ය නොවන සංවිධානවල කටයුතුවලට කියමින් මෙරටට රහසිගතව ඇතුළු වී ඇති ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයට නිරීක්ෂණය නොවන අයුරින් වීසා ලබාගෙන ඇතැයි විමර්ශනවල දී හෙළි වී තිබේ.
දැනට රටේ සිටින බවට හඳුනාගෙන ඇති ඇමරිකානු එක් නිලධාරීයකු අවස්ථා කිහිපයදීම සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ. එම නිලධාරියා මියන්මාරයේ සිට මෙසේ පැමිණ අත.
2018 වසරේ දී අධිකරණ අමාත්‍යාංශය සමග ඇති කරගෙන ඇති එකඟතාවයක් මත ආරක්ෂක අමාත්‍යාංශයට තොරතුරු නොයන ආකාරයට හොර රහසේ වීසා ලබාගෙන මෙරටට පැමිණීමේ ක්‍රමවේදයක් මොවුන් අනුගමනය කර ඇත.
යූ.එස්.ඒඩ් (ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමරිකානු කාර්යාංශයේ) සංවිධානයේ ව්‍යාපෘතිවල නිරතවන රාජ්‍ය නොවන සංවිධානයන්හි කටයුතු කරන බව හඟවමින් ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් මෙලෙස මෙරට පැමිණ ඇතැයි අනාවරණය වේ.
(Aruna)