Sunday, October 20, 2024
Follow Us
ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැස්මක් හෝ වුවමනාවක් නෑ !

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැස්මක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කරයි.

යෝජිත සෝෆා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි සිදුවන බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන ප්‍රචාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහත්මිය මේ බව සඳහන් කර තිබේ.

දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන්නේ සහයෝගය සැපයීමේ අරමුණින් පමණක් බව සඳහන් කරන ඒ මහත්මිය එළඹෙන ඕනෑම ගිවිසුමක් තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ගරු කරන බව ද ප්‍රකාශ කරයි.

(LNW)