Sunday, October 20, 2024
Follow Us
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කඩාබිඳ දැමීමේ මෙහෙයුමක් – දෙමළ ඩයස්පෝරාව සතුට ප්‍රකාශ කරයි

විදේශගත ‍ප්‍රබුද්ධ ශ්‍රී ලාංකිකයන් එකතුවක් ලෙස ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් මුල්වී ගොඩනඟන ලද ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පසුගිය වසර තුනක කාලය තුළ ජාත්‍යන්තරය තුළ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතා ප්‍රබල වැඩ කොටසක් ඉටු කරන ලදී.

ඒ අතුරින් ප්‍රධාන වූයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්පත් කළ ‘‘විත්ති වාචකය‘‘ නම් වූ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන ලියැවිල්ල සහ ඒ සමඟ බැඳුණු සෙසු ක්‍රියාකාරකම් මගින් දෙමළ ඩයස්පෝරාවේ ව්‍යාජ ප්‍රචාරක ව්‍යාපාරයට ප්‍රතිප්‍රහාර දීමය.

නමුත් පසුගිය වසර තුළ විවිධ පටු දේශපාලන අරමුණු සහිත පිරිස් බල තණ්හාව මුල්කරගෙන එම සංවිධානය තුළ ගැටුම් ඇති කරමින් සිටින බව වාර්තා වේ. එම ගැටුම පිටුපස විපක්ෂයේ ප්‍රබල දේශපාලන නායකයෙකු සිටින බවද වාර්තා වේ.

පසුගියදා එම තත්ත්වය සමනය කරමින් සංවිධානය නැවත ශක්තිමත් වන ලෙස මෙන්ම අතීතයේ ඉටුකළ භූමිකාව අගය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් එම සංවිධානයේ විධායක කමිටුව වෙත ලිපියක් යොමු කරන ලදී. ඉන්පසුව ගැටුම් වලට මුල් වූ යම් පිරිසක් ගුණදාස අමරසේකර මහතාට දුරකථන ඇමතුම් දෙමින් බලපෑම් කළ බවද වාර්තා වේ.

(Lanka Leads)