Thursday, November 14, 2024
Follow Us
2019 තුන්වැනි කාර්තුවේදී 2. 7%ක ආර්ථික වර්ධනයක්

2019 තුන්වැනි කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ 2019 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2.7%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි.

පසුගිය කාර්තුවේ වර්ධනය 1.6% දක්වා පහත වැටීමට හේතු වූ පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව ආර්ථික වර්ධනය තරමක් යථා තත්ත්වයට පත්ව ඇති අතර, කර්මාන්ත හා සේවා අංශයේ ශක්තිමත් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය වූයේ 3.5%කි.

2018 තෙවැනි කාර්තුව හා සසඳන විට නවාතැන්, ආහාරපාන සේවා ක්‍රියාකාරකම් ඇතුළු අංශ කෙරෙහි ඇති බලපෑම 7.5% කින් මන්දගාමී වූ බව දත්ත පෙන්වා දෙයි. 2019 දී වඩා හොඳ කාලගුණයක් පැවතිය ද කෘෂිකර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමට අපොහොසත් වූ බව සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආර්ථිකයේ ප්‍රධාන කොටස් හතර වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා සහ නිෂ්පාදන සඳහා පිළිවෙළින් 6.9%, 26.8%, 60% සහ 6.2% කින් දළ දේශීය නිෂ්පාදිතයට දායක වී තිබේ. 2019 තුන්වැනි කාර්තුවේදී කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම්වල පිළිවෙළින් 3.3% සහ 2.8% ක වර්ධන වේගයක් වාර්තා වූ අතර, කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වල ධනාත්මක වර්ධන වේගය 0.4%ක් වී තිබේ.

එළවළු වගා කිරීම, වන වගාව සහ දැව කැපීම, පලතුරු වැවීම සහ වෙනත් බහු වාර්ෂික භෝග වගා කිරීම 2019 තුන්වැනි කාර්තුවේදී පිළිවෙළින් 5.1%, 3.6%, 3.5% සහ 3.1%ක ධනාත්මක වර්ධන වේගයක් වාර්තා කර ඇත. එමෙන්ම රබර් වැඩීම, ශාක ව්‍යාප්තිය, සමුද්‍රීය මසුන් ඇල්ලීම, සත්ව නිෂ්පාදනය සහ මේ කාර්තුවේදී පිළිවෙළින් 19.9%, 13.7%, 8.2%, 6.2% සහ 4.3% කින් සැලකිය යුතු අඩු වර්ධනයක් වාර්තා වී තිබේ.

කාර්මික ක්‍රියාකාරකම් 3.3% කින් පුළුල් වී තිබේ. 2019 තුන්වැනි කාර්තුව තුළ සමස්ත නිෂ්පාදන ක්‍රියාකාරකම් 2.5% කින් වර්ධනය වී ඇති අතර, ප්‍රධාන වශයෙන් ආහාර පාන හා දුම්කොළ නිෂ්පාදනය සහ රෙදිපිළි නිෂ්පාදනය සහ ඇඟලුම් නිෂ්පාදනය යන උප ක්‍රියාකාරකම්වල සහාය ඇතිව 5% ක ධනාත්මක වර්ධන වේගයක් වාර්තා විය. මීට අමතරව වෙනත් ලෝහමය නොවන ඛනිජ නිෂ්පාදනය 9.3%ක ධනාත්මක වර්ධන වේගයක් රඳවාගෙන ඇති අතර, රසායනික නිෂ්පාදන මේ කාර්තුවේදී 1.5%ක් ලෙස සුළු ධනාත්මක වර්ධන වේගයක් රඳවාගෙන ඇත.

කෙසේ වෙතත් 2018 තුන්වැනි කාර්තුව හා සසඳන විට මේ කාර්තුවේදී ඇතැම් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සංකෝචන වාර්තා වී ඇත. විශේෂයෙන් කඩදාසි නිෂ්පාදන, මූලික ලෝහ හා පිරිසැකසුම් කරන ලද ලෝහ නිෂ්පාදන, අලුත්වැඩියා, යන්ත්‍රෝපකරණ ස්ථාපනය සහ උපකරණ සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් මේ කාර්තුවේදී පිළිවෙළින් 8.2%, 7.3%, 6.1% සහ 5.3% ඍණාත්මක වර්ධන වේගයක් වාර්තා කර ඇත.

දළ දේශීය නිෂ්පාදිතයට 2.3% සහ 6.7%ක ඉහළ දායකත්වයක් සපයන කාර්මික කටයුතු, පතල් හා ගල් කැණීම් සහ ඉදිකිරීම් මේ කාර්තුවේදී පිළිවෙළින් 5% සහ 4.6% කින් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. ඊට අමතරව, විදුලිය, ගෑස්, වාෂ්ප හා වායු සමීකරණ සැපයුම, ජලය එකතු කිරීම, පිරිපහදු කිරීම සහ සැපයීම සහ මලාපවහන, අපද්‍රව්‍ය පිරිපහදු හා සැපයුම ධනාත්මක වර්ධන අනුපාතවලින් 1.5%, 4.9% සහ 8.5%ක් වාර්තා කර ඇත.

2019 තුන්වැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වය 60% කින් ලබා දෙන සේවා ක්‍රියාකාරකම් 2.8% ක ධනාත්මක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත. සේවා අංශයේ මේ වර්ධනයෙන් 2.8%ක් ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම දායකත්වයක් සපයන සේවා ක්‍රියාකාරකම් වන තොග හා සිල්ලර වෙළෙඳාම, භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය, මූල්‍ය සේවා සහ වෙනත් පිරිස් සේවා ක්‍රියාකාරකම් මගිනි. එම ක්‍රියාකාරකම්වල වර්ධන වේගය පිළිවෙළින් 2.1%, 1.4%, 6.9% සහ 3% ලෙස වාර්තා විය.

මීට අමතරව, තොරතුරු තාක්ෂණ වැඩසටහන්, උපදේශන සහ ආශ්‍රිත සේවා දළ දේශීය නිෂ්පාදිතයට එහි කොටස අඩු වුවද 0.2%, එම කාර්තුව හා සසඳන විට 2019 තුන්වැනි කාර්තුව තුළ වර්ධන අනුපාතයෙන් 20.5%ක කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කර ඇත. තවද මේ කාර්තුවේදී විදුලි සංදේශනයේ උප ක්‍රියාකාරකම් 11.1% කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වෙතත්, නවාතැන්, ආහාර හා පාන සේවා ක්‍රියාකාරකම් හි උප ක්‍රියාකාරකම් 2018 තුන්වැනි කාර්තුව හා සසඳන විට මේ කාර්තුවේදී 7.5% කින් හැකිලීමක් වාර්තාවී ඇති අතර, ඒ අනුව සංචාරක කර්මාන්තයට පාස්කු ඉරිදා ප්‍රහාරවල අඛණ්ඩ අහිතකර බලපෑම පෙන්නුම් කරයි.

(Dinamina)