එළවලු මිල ගැන සැලකිල්ලෙන් සිටින ලෙසත් එළවලු වෙනුවට වෙනත් ආදේශක ඇත්නම් ඒවා යොදාගන්නා ලෙසත් අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
"පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නෙ මේ වෙලාවෙ එළවලු මිල ගණන් සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න කියලා. වෙන ආදේශක තියෙනවා නම් යොදාගන්න පුළුවන් නම් යොදාගන්න පුළුවන් තරම් දුරට. මේ තත්වය සාමාන්‍ය තත්වයට පත්වෙන තුරු මේක පවතින්න ඉඩ තියෙනවා" යනුවෙනුයි අමාත්‍යවරයා සදහන් කළේ.
අනුර ප්‍රියදර්ශන අමාත්‍යවරයා මේ බව පැවසුවේ සීඝ්රයෙන් ඉහළ යන එළවලු සහ බී ලූණු මිල ගණන් සම්බන්ධයෙන් ඊයේ (18) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.
(LNW)