Thursday, November 14, 2024
Follow Us
ජනවාරි මැද වන තෙක්ම එළවලු මිල අඩු නොවේලු !

මේ වනවිට ජනතාවට දැරිය නොහැකි මට්ටමකට පැමිණ ඇති එළවලු මිල 2020 ජනවාරි මස මැද භාගය දක්වාම අඩුවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණුකිරීමේ මධ්‍යස්ථානය පවසයි.

කැරට්, ලීක්ස්, බෝංචි වැනි උඩරට එළවලු කිලෝග්‍රෑම් එක්ක තොග මිල මේ වනවිට පවතින්නේ රුපියල් 300 - 400 අතර මට්ටමකය. වම්බටු, කරවිල, මෑකරල්, දඹල වැනි පහතරට එළවලු කිලෝග්‍රෑමයක තොග මිල පවතින්නේ රුපියල් 200 - 300 අතර මට්ටමකය.

ඒ අනුව එළවලු සිල්ලර මිල මීටත් ඉහළ මට්ටමක පවතින අතර මිල ඉහළ නිසාම ගුණාත්මක භාවයෙන් අඩු එළවලු ද වෙළඳපොලට විශාල වශයෙන් පැමිණෙමින් පවතී.

මෙම මිල ගණන් අනුව එදිනෙදා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේදී සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට මුහුණ දී සිටිති.

(LNW)