Saturday, October 19, 2024
Follow Us
බදු ගෙවා නැතිනම් පදිංචි තැනට එනවා

සැප්තැ­ම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ග­ල­යන්ගේ පරි­ශ්‍ර­යන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.

ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රමය යටතේ සැප්තැ­ම්බර් 30 දිනට පෙර සියලු හිඟ බදු මුදල් ගෙවන ලෙස මීට පෙර බදු ගෙවන්නන්ට දැනුම් දී තිබිණි. ඒ අනුව සැල­කිය යුතු පිරි­ස­ක­ගෙන් බදු ආදායම් එක්රැස් කර ගැනී­මට සමත් වී තිබේ. කෙසේ නමුත් තව­මත් හිඟ බදු මුදල් ගෙවා නොති­බෙන පිරිස වෙත ගොස් මේ ආකා­ර­යට ඒවා අය කර ගැනී­මට තම දෙපා­ර්ත­මේ­න්තුව ඉකුත් සිකු­රාදා (04) සිට වැඩපිළි­වෙ­ළක් ආරම්භ කළ බව දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මෙතෙක් නොගෙවා තිබෙන ස්වත­ක්සේරු ගෙවීම් ක්‍රම­වේද‍ය යටතේ හිඟ බදු මුදල් අය­කර ගැනීමේ දී නීති­මය කට­යුතු ක්ෂණි­කව සපු­රා­ලී­මට ද තම නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දී ඇතැයි කොම­සා­රිස් ජන­රා­ල්ව­රිය කීවාය.

මුදල් අමා­ත්‍යාං­ශය විසින් මේ වසර සඳහා දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා දී ඇති ආදා­යම් ඉල­ක්කය රුපි­යල් බිලි­යන 2024කි. ඉන් සැප්තැ­ම්බර් 30 වන විට එයින් රුපි­යල් බිලි­යන 1417ක් රැස් කරනු ඇතැ­යිද ඇය සඳ­හන් කළාය.