Saturday, October 19, 2024
Follow Us
වියළි "ගම්මිරිස්" මගින් වැඩි ලාභයක්
හැම ගෙදරකම වගේ තියන බෝගයක් තමයි ගම්මිරිස් කියන්නේ... හුගක් අය තමන්ගේ පාරිභෝජනයට පමණක් ගම්මිරිස් වගා කරගන ඉන්න අතරම තවත් සමහරු පාරිභෝජනයට ඉතුරු කරගන ඉතිරි අස්වැන්න වෙළදපලට අලෙවි කරනවා... මෙහෙම වැඩි වෙන අස්වැන්න වෙළදපලට ඉදිරිපත් කිරීමේදී හොද ගුණාත්මයකින් දෙන්න පුලුවන් නම් වැඩිමිලක් ගන්න ඔයාලට අනිවාර්යයෙන්ම පුලුවන් වෙනවා...

 බොහෝ දෙනෙක් කරන විදිහ තමයි කඩපු ගමන් අමු ගම්මිරිස් විදිහටම අලෙවි කරන එක... නැත්නම් කැඩූ අමු ගම්මිරිස් අව්වේ වේලලා අලෙවි කරන එක... සාපේක්ෂව නම් අමු ගම්මිරිස් වලට වඩා වියළි ගම්මිරිස් අලෙවි කිරීම ලාභදායී වෙනවා... වියළි ගම්මිරිස් වල ගුණාත්මක බව තවත් වැඩි කරගනිමින් වැඩි ලාභයක් ගන්න පුලුවන් ක්රමයක් තියනවා... අන්න ඒ ක්රමය ගැනයි මම අද ඔයාලට කියන්න යන්නේ...

ඒ තමයි
නෙලූ ගම්මිරිස් අස්වැන්නට කරනු ලබන "උණු වතුර ප්රතිකාරය" (Blanching)
? පලමුවෙන්ම නම් හොදින් මේරූ ගම්මිරිස් අස්වනු නෙලාගැනීම වැදගත් වෙනවා... මෙහිදී කරලෙහි ඇටයක් දෙකක් රතු, කහ පැහැවෙන අවස්ථාවේ කරලෙහි අග ඇට අතින් පොඩි කලවිට පොඩි නොවන අවස්ථාව මේරූ අවස්ථාව ලෙස හදුනා ගන්න පුලුවන් ....
? මෙහෙම නෙලාගත්ත අස්වැන්න පැය 12-24 දක්වා වූ කාලයක් ගොඩගසා තැබීමෙන් ඇට වෙන්කරගැනීම පහසු වෙනවා... හැබැයි දින දෙකකට වඩා වැඩි කාලයක් තියාගන්න එපා... එහෙම උනොත් ඒකත් ගුණාත්මය අඩුවීමට බලපානවා ...
? ඊට පස්සේ ඇට වෙන්කරගන්න පුලුවන් ... මෙහිදී සැකසූ විශේෂ යන්ත්රයක් තිබුනත් ඔයාලට ආවෙණික උනු ක්රමයට ඇට වෙන්කරගත්තාට වරදක් නෑ...
? මෙහිදී පැසුනු ඇට, නොපැසුනු ඇට හා කුඩාම ඇට වෙන්කිරීම මගින් එකාකාරී නිෂ්පාදනයක් ලබාගන්න පුලුවන්... එවිට ලැබෙන මිල ගනනුත් වෙනස් වෙනවා... මේ සදහා විවිධ ප්රමාණයේ සිදුරු සහිත කම්බි දැල් සවිකල සල්ලඩ වගේම බීජ තේරීමේ යන්ත්රත් භාවිතා කරනවා ... මෙහිදීත් තමන්ට පහසු ක්රමේකට තරමක් දුරට හෝ බීජ තෝරා ගැනිම වැඩිමිලක් ලබා ගැනීමට වැදගත් වෙනවා...
? ඊට පසුව මේ තෝර ගත්ත අමු ගම්මිරිස් ඉතා පිරිසිදු ජලයෙන් හොදා ගන්න ඕනේ...
? ඊට පස්සේ අපේ මේ කතාවේ ප්රධාන මතෘකාව වෙන උණුවතුර ප්රතිකාරය (Blanching ) කලයුතු වෙනවා...
මෙහිදී නටන උණු ජලයේ මිනිත්තු 1-2 අතර කාලයක් ගම්මිරිස් ගිල්වාතබාගන ඉවතට ගෙන ජලය බේරෙන්නට හැර වියළා ගතයුතු වෙනවා...
මේ සදහා සැකසූ විශේෂ උපකරණයකුත් තියනවා... ඒ තමයි උණුවතුර ප්රතිකාර කට්ටලය (Blanching Unit)... (පහත් චායා රූප වල තියනවා)
ජලය රත් කල හැකි බැරල් බාගයක් හෝ ඒවගේ විශාල භාජනයකින් සහ කුඩා දැලකින් (නොම්මර 10) සකස් කරගත් බැරල් බාගයට බහාලිය හැකි බදුනක් මෙම කට්ටලයට අයිති වෙනවා... මෙම භාජනයේ 3/4 ක පරිමාවක් ජලයෙන් පුරවා නටවාගත් පසුව උණුවතුර ප්රතිකාරය ලබාදීම සුදුසු වෙනවා... මේ සදහාද ගැලපෙන ක්රම වේදයක් ඔයාලටම සකස්කර ගන්න පුලුවන්... (මෙම උපකරණ කට්ටලය සුදු යකඩින් නිමවා තිබීම නිෂ්පාදනයේ ගුණාත්මක බවට බලපාන බව මතකතබා ගතයුතු වෙනවා...)
? ඊට පස්සේ හොදින් වියළා ගැනීම කලයුතු වෙනවා.. හිරු එලියේ එක එල්ලෙම හෝ ඒ සදහා සැකසූ උපකරණ මගින්ද සිදුකරගත් හැකි වෙනවා... 12% තෙතමනය පැවතීම සුදුසුම තත්වය වෙනවා...
 
උණුවතුර ප්රතිකාර ක්රමය මගින් ලැබෙන වාසි
? ඒකාකාරී තද කළුපැහැති, මතුපිට හොදින් රැලිගැසුණු ගම්මිරිස් ලබාගත පුලුවන්...
? අපද්රව්ය වගේම ක්ශුද්ර ජීවීන්ගේ ප්රමාණය සැලකියයුතු ප්රමාණයකින් අඩුවෙනවා...
? අව්වේ වේලීමට ගතවෙන කාලය හිතකර කාලගුණික තත්ව යටතේ දින 2ක් 3ක් දක්වා අඩුවෙනවා...
? නියමිත තත්ව යටතේ ගබඩා කල විට වැඩි කාලයක් ගබඩා කර තියාගන්න පුලුවන් වෙනවා...
එහෙමනම් ඔයාලට පහසු, හැකියාව තියන ක්රමෝපායන් භාවිතා කරමින් උණුවතුර ප්රතිකාරයද සිදුකරමින් නිවැරදිව ගම්මිරිස් අස්වනු සකසමින් වැඩි ආදායමක් ලබාගන්න උත්සාහ කරන්න...
 
එච්. ඒ. එල්. සමිත්රී,
ව්යාප්ති නිලධාරිනී (1920 කෘෂි උපදේශන සේවාව),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව