Saturday, October 19, 2024
Follow Us
පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය සපුරා ගනී

2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළ ම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත් මේ ඉලක්ක අතරට ඉන්දියාවේ අදානි සමාගමේ ඇ.ඩො. මිලියන 820 ක ආයෝජනයක් සහ තවත් ඇ.ඩො. මිලියන 320ක ආයෝජන ද ඇතුළත් ය. 

ඒ අනුව පළමු කාර්තුවේ දී පමණක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් සමස්ත වර්ෂය සඳහා වූ ඉලක්කගත ආයෝජන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් සපුරාගෙන ඇත.

මෙම අවස්ථාවට සහභාගී වු ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය පවසා සිටියේ ඕනෑම අවස්ථාවක ආයෝජකයින්ගේ ගැටලු  නිරාකරණය කර දීමට IFC ආයතනය (ආයෝජකයන් සඳහා පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය) ඇප කැප වී සිටින බවයි.

තම ව්‍යාපෘති කිසිඳු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වු බව මෙම සාකච්ඡාවට පැමිණ සිටි ආයෝජකයන් විසින්ම ප්‍රකාශ කර තිබේ.