Saturday, October 19, 2024
Follow Us
ද්වීපාර්ශ්වික ණය ගෙවීම අත්හිටවූවත් බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවයි

විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අත්හිටුවා ඇත්තේ ද්වී පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බවයි. ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවමින් සිටි බවයි. ණය ගෙවීම අත්හිටුවා තිබුණ ද 2022 වසරේ දී ඩොලර් බිලියන 2.5ක මුදලක් ද 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක මුදලක් ද විදේශ ණය ලෙස ගෙවා දමා ඇති බවයි. 

දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රජය සැම විටම ජනතාව වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම තීන්දු තීරණ ජනප්‍රිය ඒවා නොවන බවයි. රජයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.