ධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.
ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක ( මිලියන 44 ) ආදායමක් ලැබි ඇතැයි පැවසෙයි
අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අප්‍රේල් අද(14 ) විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු වල යම් වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් එම තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Lankadeepa