Saturday, October 19, 2024
Follow Us
"දුන්හිඳ ඔඩිසි” සුඛෝපභෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයි

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කර ශත වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ධාවනය ආරම්භ කෙරුණු "දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය" ගමන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05)  සිදු විය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකෙරුණු සර්වාගමික වතාවත් සහ ආශිර්වාද කිරීම් වලින් අනතුරුව පෙරවරු හයයි තිහට ගමන් ආරම්භ කෙරුණු දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන්නේ දුන්හිඳ ඔඩිසි දුම්රියයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර මහතා, ඇතුළු ප්‍රවාහන හා මාර්ග අමාත්‍යංශයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් දුම්හිද ඔඩිසි දුම්රිය මංගල ගමන් වාරය සඳහා එක්ව සිටියහ.