Saturday, October 19, 2024
Follow Us
අවසර දී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන ගෙන්වීමට පමණයි

වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ගෙන්වීමට අවසර හිමිව ඇති බවයි. 

ඒවා ගෙන්වීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් අවසර ගත යුතු අතර ඒ අනුව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය ලබා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ලොව පිලිගත් ක්‍රමවේදයන්ට අනුව වසර 6 කට වඩා පැරැණි රථ වාහන සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදා නොගන්නා බවත් ඩොලර් සංචිතය වෙත අවම බලපෑමක් වන පරිදි මෙලෙස ආනයනය කිරීමට අවසර හිමි වන්නේ වසරක් පැරැණි වාහන පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ වඩාත් විනිවිදභාවයෙන් යුතුව පසුවිපරම් සහිතව සිදු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.