ශ්‍රී ලංකාව “ගෝලීය වෙළඳාමේ නැගී එන තාරකා” අතරට ශ්‍රී ලංකාව වඩාත් වෙළෙඳ නැඹුරුවක් සහිත ආර්ථිකයක් බවට පත්කිරීමේ රජයේ ප්‍රති තිසංස්කරණ හේතුවෙන් “ජාත්‍යන්තර වෙළෙඳාමේ නැගී එන තරු 20”අතරට මෙරට මෑතදී පිළිගැනීමට ලක්වී ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්යතන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. ජාත්‍යන්තර බැංකු දැවැන්තයෙකු වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ප්‍රකාශිත ‘වෙළඳාම 20: ගෝලීය වෙළඳාමේ නැගී එන තරු’ නම් වූ වාර්තාවෙහි "වෙළෙඳ වර්ධනය සඳහා වඩාත් වේගයෙන් දියුණු වන විභවයන් ’ඇති රටවල් 20 ක් අතරින් ශ්‍රී ලංකාව මෑතකදී 14 වන ස්ථානයට පත්වී තිබේ."වෙළෙඳ සුදානම "අරභයා ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය මෙහිදී හඳුනාගෙන තිබේ. වෙළෙඳ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් යටතේ, විශේෂයෙන් ඩිජිටල් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කර ගැනීම පිළිගෙන ඇත. වෙළෙඳ වර්ධන විභවතාවයේ වේගවත් වීම සඳහා ධනාත්මක වර්ධනයන් මෑත කාලීනව පෙන්නුම් කරන ආර්ථිකයන් හඳුනාගැනීම වෙනුවෙන් ප්‍රමිතික 12 ක් හරහා ගෝලීය වෙළඳපොළ 66 ක් (ප්‍රධාන ගෝලීය ආර්ථිකයන් සහ එක් එක් කලාපයේ ප්‍රධාන ආර්ථිකයන්) මෙම වාර්තාව මගින් විමර්ශනය කරයි.
අමාත්‍යාංශයේ මාධ්‍යක නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ රේගු දෙපාර්තමේන්තුව තවදුරටත් ඩිජිටල්කරණය කිරීම, ඕනෑම බැංකුවක් හරහා මාර්ගගත රේගු ගෙවීම් සක්‍රිය කිරීම, ඩිජිටල් අත්සන් නීති හඳුන්වා දීම සහ ජාතික වෙළෙඳ තොරතුරු ද්වාරය පිහිටුවීම වැනි රජයේ වෙළෙඳ හා තරඟකාරිත්ව ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය සිව් වසර තුළ සිදු වූ වර්ධනයන් මෙම නවතම පිළිගැනීම හරහා පිළිබිඹු කරන බවය. ජාතික තනි කවුළුවක් ස්ථාපිත කිරීම සහ සියලුම ආයතනවල විද්‍යුත් ඩිජිටල්කරණය වැඩි දියුණු කිරීම ආදී දිවයිනේ දේශසීමාවන්හිදී පහසුකම් සැපයිම උදෙසා ද පියවර ගනිමින් පවතී. නව යටිතල පහසුකම් සඳහා වූ ආයෝජන ද සිදු කෙරෙමින් පවතින අතර නිදසුන් ලෙස කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම, තදබදය සමනය කිරීම සඳහා ඉහළ වරාය පිවිසුම් මාර්ග, බහු-රාජ්‍යයන් සඳහා කොළඹ තුළ ඒකාබද්ධ ගබඩා පහසුකම් සැපයීම සහ හම්බන්තොට කාර්මික වරාය සංවර්ධනය කිරීම දැක්විය හැකිය.
මෙම ගෝලීය පිළිගැනීම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින්, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙසේ පැවසීය. "මෙය සුළු හෝ මහා පරිමාණ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර වෙළඳාමට සහභාගී වීමට සක්‍රිය පරිසරයක් සැපයීම පිණිස අපගේ ප්‍රතිසංස්කරණ මූලාරම්භයන්හි ප්‍රබල ගෝලීය අනුමත කිරීමකි. අප රජයේ අවධානය යොමු වී ඇත්තේ වෙළඳ හා ව්‍යවසාය විසින් මෙහෙයවන ගතිකත්වයේ නව යුගයක් ඇතිකිරීම, අතීතයේ පැවති වෙළඳ විරෝධී නැඹුරුව ආපසු හැරවීම හා රජයේ වියදම් මත දැඩි ලෙස රඳා පවතින තිරසාර නොවන හා අසාර්ථක වර්ධන ආකෘති වලින් ඉවත්වීමයි. මෙම තත්ත්වය දිගටම පවත්වා ගැනීමට අපි අපේක්ෂා කරමු. බොහෝ දෙනා කතා කරන කලාපීය කේන්ද්‍රස්ථානය බවට අප සැබවින්ම පත්වීමට නම් ජාත්යකන්තර වෙළඳාම හරහා එය සිදුවිය යුතුය. වේගයෙන් වර්ධනය වන වෙළදාම සඳහා විභවතාවය සහිත ඉහළම ආර්ථිකයන් විසින් ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබීම පෞද්ගලික හා රාජ්‍ය අංශය පිළිගතයුතු අතර , මෙම දිශානතිය ඔස්සේ ප්‍රතිසංස්කරණ සඳහා සහාය විය යුතුය”.
(Dinamina)