Wednesday, October 23, 2024
Follow Us
අනුරාධපුරේ කුරුඳු හා ගම්මිරිස් වගාව සාර්ථකයි

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කුරුඳු හා ගම්මිරිස් වගා කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

2023 වසරේ දී දිස්ත්‍රික්කය තුළ කුරුඳු හෙක්ටයාර් 25ක් වගා කිරීම ඉලක්කය වී තිබේ. ඒ සඳහා තඹුත්තේගම, ඉපලෝගම, රඹෑව, ගලෙන්බිදුණුවැව, රාජාංගනය හා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරාගෙන ඇත.

ගම්මිරිස් වගා කිරීමේ දී තනි වගාවක්, යටි වගාවක් මෙන්ම මිශ්‍ර අතුරු වගාවක් ලෙස ද එය සිදුකළ හැකියි.

අක්කර කාලක වගා වපසරියක ගම්මිරිස් පැළ 170 ක් සිටුවිය හැකියි.

එමෙන්ම අක්කර කාලක සිටුවිය හැකි කුරුඳු පැළ සංඛාව 900 ක් වන අතර එය ද තනි වගාවක් හෝ මිශ්‍ර වගාවක් ලෙස සිදුකළ හැකි වේ.

මෙම වගාවන් සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයෙන් උපදෙස් ලබා දේ. ඒ සඳහා 0252055103 අංකයට අමතා තොරතුරු ලබා ගත හැකියි.