Wednesday, October 23, 2024
Follow Us
VAT ක්‍රමානුකූලව අඩුකිරීමට පියවර

VAT සඳහා ලබාදී ඇති නිදහස්කිරීම ක්‍රමානුකූලව අඩු කිරීමට, VAT බදු ආපසු ගෙවීම් කඩිනම් කිරීමට සහ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2025දී අවම බදු නිදහස් කිරීමක් සහිතව දේපල බදු ක්‍රමය වෙනුවට ධන බද්දක් හඳුන්වාදීමටත්, තෑගි හා බූදල් බද්දක් හඳුන්වා දීමටත් පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 2023 මැද භාගය වන විට උද්ධමන අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒම රජයේ අරමුණ බවයි.

අයවැය හිඟය අඩුකර මුදල් මුද්‍රණය කිරීමෙන් වැළකී සිටීමට රජය සැලසුම් කරයි. විදේශ විනිමය වෙළෙඳපොළේ කටයුතු වෙළෙඳපොළ නිර්ණායක මත තීරණය වීමට ඉඩ ලබා දෙන අතර, තීරණය කරන ලද ඉලක්ක අනුව විදේශ සංචිත ගොඩනගා ගැනීම සඳහා විදේශ මුදල් මිලදීගැනීමට මහ බැංකුව සැලසුම් කරනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.