Wednesday, October 23, 2024
Follow Us
IMF ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක්

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක් විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීම, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, දූෂණය පිටු දැකීම සහ ශ්‍රී ලංකාවේ පවත්නා වර්ධන විභවයන් විවර කර ගැනීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළක් සඳහා විශේෂ ගැනුම් හිමිකම් (SDR) බිලියන 2.3කට සමාන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා  2022 09 01 දින ශ්‍රී ලංකාව විසින් කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹී ඇත.

ඒ අනුව, 2023-2026 කාලය තුළ අයවැය මූල්‍යකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකී විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (21) රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.