විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ මහජනතාව වෙත කරනු ලබන දැනුම් දී තිබේ.
1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝණය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බවට මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලැබී ඇත.
ඒ අනුව පහත ආයතන 3 සහ ඊට සම්බන්ධ පාර්ශ්වයන් විසින් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනිව ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ විමර්ශනයක් සිදු කරන ලදී.
Fast 3 Cycle International Pvt Ltd,
Sport Chain App, Sport Chain ZS Society Srilanka
Onmax DT
මෙම විමර්ශන වාර්තාවන්ට අනුව ඉහත සඳහන් ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව තීරණය කරන ලදී.
ඒ අනුව බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇත.