ශ්‍රි ලංකාව පරිපූර්ණ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සදහා වන රැස්වීම්,දිරි දීමනා,සම්මන්ත්‍රණ , ප්‍රදර්ශන හා සිදුවීම් ඇතුලත් ප්‍රදර්ශනයක් වන "MICE" 2023(Meetings ,Incentives,Conferences ,Exhibitions and Events ) යුරෝපීය කලාපය,මැදපෙරදිග හා ආසියානු කලාපීය නියෝජිතයන් 100ට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ආරම්භ විය.
මෙය ශ්‍රි ලංකා සම්මුති කාර්යංශය හා ශ්‍රි ලංකන් ගුවන් සේවය එක්ව සංවිධානය කරන අතර සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සිදුකරනු ලබයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය ඇතුළු සම්භාවනීය පිරිසක් හා දෙස් ව්දෙස් මාධ්‍ය වේදීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.