කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පාණදුර ශාඛාව CSE සභාපති ඩිල්ෂාන් වීරසේකර විසින් 2023 මාර්තු 2 වැනි දින කොටස් තැරැව්කාර සමාගම් කිහිපයක සහභාගිත්වයෙන් නිල වශයෙන් මහජනතාව සඳහා විවෘත කරන ලදී.
පානදුර ශාඛාව CSE හි නවවන ශාඛාව වන අතර මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, අනුරාධපුර, රත්නපුර සහ අම්බලන්තොට නගරයන්හි කොටස් හුවමාරුවේ ශාඛා විසිර පවතී.
ප්‍රදේශයේ උනන්දුවක් දක්වන ආයෝජකයන් හට පාණදුර ශාඛාවේ කොටස් තැරැව්කාර සමාගම් හතරක් වෙත ප්‍රෙව්ශ විය හැකි අතර ඒවා නම්, Asha Securities Ltd, Lanka Securities Ltd Bartieet Religare Securities සහ Softlogic Stockbrokers (PVT) Ltd
කොළඹ කොටස් හුවමාරුවේ ශාඛා ජාලයට පාණදුර ශාඛාව එකතු කිරීම පිළිබඳව අදහස් දක්වමින් CSE හි සභාපති ඩිල්ෂාන් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, “ශාඛා ජාලයේ ව්‍යාප්තිය සහ නවෝත්පාදනයන් ඕනෑම වෙළෙඳපළක අඛණ්ඩ පැවැත්ම කෙරෙහි ඍජුව බලපානු ලබයි. වෙළෙඳපළ පැවැත්ම සහ වර්ධන සඳහා වන මුලපිරීම තිරසාරව පැවතීම ද වැදගත් වේ. නව ශාඛාවන් විසින් රට පුරා සිටින ආයෝජකයන් සඳහා වැඩි පහසුවක් සහ වඩා හොඳ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයේ මෙය තවත් එක් පියවරකි.”
පාණදුර සිංහ වෙළෙඳ සංගමයේ සභාපති ගිහාන් කුරුප්පු මහතා, CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ කොළඹ කොටස් හුවමාරුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.
Dinamina