Thursday, October 24, 2024
Follow Us
බැංකු පොලී අනුපාතිය ඉහළට

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් හෙවත් 1% ඉහළ දැමීමට තීරණය කර තිබේ.

අද (03) සිට මෙම පොලී අනුපාතික ඉහළ යන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමග කරන ගනුදෙනුවලදී ගෙවනු ලබන පොලීය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5% ක් දක්වා ඉහළ යනු ඇත.

මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක් දක්වා ඉහළ දමා තිබේ