Thursday, October 24, 2024
Follow Us
නවතම මෙගා ස්ටෝස් මත්ස්‍ය  අලවිසැලක්

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙන මෙගා ස්ටෝස් (Mega Store) නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව ඊයේ (2) බොරලැස්ගමුවේ දී  විවෘත කෙරිණ.

ලංකා ධීවර සංස්ථාව විසින් ස්ථාපිත කරන ලද මෙම නවීන වෙළඳසැල හරහා, පරිභෝජනයට සුදුසු ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව කරවල, උම්බලකඩ ඇතුළු තවත් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පාරිභෝගිකයනට අවකාශ උදාකර දී තිබේ.

ඒ අනුව මේ වන විටත් රට පුරා බොහෝ නගරවල ස්ථාපිත කර ඇති "මෙගා ස්ටෝස්" අලෙවිසැල් ජාලය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ධීවර සංස්ථාව කියා සිටී.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පියල් නිශාන්ත ද සිල්වා මහතා එක්ව සිටියේය .