Thursday, October 24, 2024
Follow Us
රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා - මුදල් රාජ්‍ය ඇමැති

රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵල ලෙස රුපියල ශක්තිමත් වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින්නේ රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණය මත බවයි.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය 2023 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5%ක වර්ධනයක් අත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ඩොලර් මිලියන 400ක වර්ධනයකි.

සියලු දෙනාට බලපානු ලබන ආහාර උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට 94.9%ක පැවතිණි. එය 2023 ජනවාරි මාසය වන විට 60.1% දක්වා පහළ බැස තිබේ.

2022 වසරේ සැප්තැම්බර් වන විට 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් අත් කර ගනිමින් 2023 පෙබරවාරි වන වට 107,639ක් ලෙස සටහන්ව ඇත. මේ සියල්ල සිදුව ඇත්තේ රජය විසින් ගනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මත බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ගැඹුරු අගාධයක පැවැති මෙරට ආර්ථිකය සහන් එළි දකිමින් සුබවාදී අනාගතයක් කරා ගමන් කරමින් ඇති බව මෙම සංඛ්‍යා ලේඛන මගින් තහවුරු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.