Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ල.ග.ම. අදාළ පෙබරවාරී වැටුප් ගෙවීමට එකඟවෙයි

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට අදාළ 2023 පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා එකඟත්වය පළ වී තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම එකඟත්වය පළ විය.

පසුගිය කාල වකවානුවන්හිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණයවීමේ ගැටලුවට මුහුණ දුන් බවත් එම නිසා සේවකයින් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර ගෙන ඇති බව මෙහිදී අමාත්‍යවරයා ‌පෙන්වා දුන්නේය. ඒ අනුව සේවක වැටුප් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් ක‍ළේය .