Thursday, October 24, 2024
Follow Us
සහල් මිලේ පහළ යාමක් අපේක්ෂා කරනවා- මුදල් රාජ්‍ය ඇමැති

සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව අදාළ සංශෝධනයෙන් පසු වෙළෙඳපොලේ සහල් මිලෙහි පහළ යාමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

මෙම බද්ද පැනවීමෙන් පසු අවස්ථා රැසක දී සමාලෝචනයන් සිදු කෙරුණු අතර එහි දී අනාවරණ වූයේ මිල දී ගැනීම, නිෂ්පාදනය සහ විකිණීම යන අවස්ථා තුනේ දීම සමාජ ආරක්ෂණ බද්ද ගණනය වන බවයි. ඒ අනුව 2.5%ක් වූ සමාජ ආරක්ෂණ බද්ද අවස්ථා තුනක දී අය විය හැකි බවයි රාජ්අ‍ය මාත්‍යවරයා සඳහන් කරන්නේ.

අදාළ බදු පනවන අවස්ථාවේ දී රජය ජනතාවට පොරොන්දු වූයේ හැකි පළමු අවස්ථාවේ දී ම බදු පනත් ජනතාවට අවම බලපෑමක් ඇති වන පරිදි සංශෝධන කරන බවයි. පනත සංශෝධනය කිරීමෙන් පසු වෙළෙඳපොළේ සහල් මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.