Thursday, October 24, 2024
Follow Us
බිත්තර බද්ද අඩු කළේ රාජ්‍ය අංශයට පමණයි

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බද්ද පසුගියදා අඩු කළද , එය අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලේ  පැවති උත්සවයට ඊයේ (26) එක්වමින්.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ බිත්තර ආනයනය කිරීමට හේතුවූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවයි. බිත්තර හිඟය ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බද්ධ අඩුකළද,එය අඩු කිරීම අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක්ම බවද අමාත්‍යවරයා පැවසීය.

එසේ ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත් , ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.