Thursday, October 24, 2024
Follow Us
ගෙවීමට තිබූ බිල්වලට රුපියල් බිලියන 360ක් ගෙවයි

නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 5ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක අත පැවැති බිල්පත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි.

2022 අගෝස්තු මස 31 වැනි දා වන විට රජය විසින් ගෙවා දැමීම සඳහා අත පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360කි. 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාකම රුපියල් බිලියන 191කි. ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169කි. ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වෙයි. ඉන් බිලියන 53ක් ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහා ද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ­ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.