Thursday, October 24, 2024
Follow Us
ගොවි සහන සඳහා රුපියල් මිලියන 56,000ක්

මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබේ.

ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් ඊයේ (23) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මේ බව සඳහන් කළේය.

විශේෂයෙන් ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජය විසින් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

වගා කටයුතුවල දී මුලික වියදම් ඉහළ යාම නිසා ගොවි ජනතාව මහත් අසීරුතාවයන්ට පත්වේ. ඇතැම් විට නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා තම අස්වනුවලින් ප්‍රමාණවත් තරම් ලාභයක් නොලැබෙන බව ගොවි ජනතාව පවසති.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතුවල දී දැරීමට සිදුවන මූලික පිරිවැය අවම කිරීම සඳහා මෙම මුදල් වැය කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.