Thursday, October 24, 2024
Follow Us
පාඨලී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියයි

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලදැයි විමසමින් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම ලිපිය යොමුකර ඇත්තේ ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසිනි.  

ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි 15 දා සිට විදුලි ගාස්තු වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති නිර්ණායක පසුබිම් වී ඇති බව වාර්තා වී ඇතැයි ද මන්ත්‍රීවරයා සිය ලිපියෙහි සඳහන් කර ඇත.

භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමටයෑමේ ප්‍රතිවිපාක මේ වන විට රටේ ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් තිබෙන බවද එම ලිපියෙහි දැක්වේ.

අනාගතයේ දී මෙරට ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් වගවන අතර, එහි වගකීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද වැළැක්විය නොහැකි බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව එල්ල වන ජනතා විරෝධය නිසා ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ස්ථායිකරණ වැඩපිළිවෙල අවුල්වීමට ඉඩකඩ වැඩි බවද ඔහු දක්වා ඇත. 

Lankadeepa