Thursday, October 24, 2024
Follow Us
2023 ජනවාරි මාසයේ උද්ධමනය

2023 ජනවාරි මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 53.2 %ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය පසුගිය දෙසැම්බර් පැවැති උද්ධමනයට වඩා පහළ අගයකි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2023  ජනවාරි මාසයේදී 53.6 % ක් වූ අතර  ආහාර නොවන කාණ්ඩ සඳහා මෙම අගය 52.9% ක් විය.  පෙර  මාසය හා සංසන්දනය කලවිට, 2023  ජනවාරි  මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් වාර්තා වූයේ පොල්, නැවුම් මාළු, එළවළු, තේ කුඩු/කොළ, පොල්තෙල්, අමු මිරිස්, රතු ළූණු, බිත්තර, නැවුම් පලතුරු, කිරිපිටි, කව්පි, ග්‍රෑම් සහ මුං ආදියයි.

 කෙසේ වෙතත්, 2023  ජනවාරි  මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති කරවල, පාන් (සාමාන්‍ය), කුකුල් මස්, තිරිඟු පිටි, දෙහි, සහල්, අර්තාපල්, ටින් මාළු, සීනි, වියළි මිරිස් සහ කරපිංචා සඳහා භාණ්ඩ වල මිල ගණන්හි යම් අඩුවීමක් ද  වාර්තාවේ.