Thursday, October 24, 2024
Follow Us
සංචාරකයින් සඳහා Travel Card හඳුන්වා දෙයි

ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසූ , සංචාරක කාඩ්පත (Travel Card) එළිදැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදු කෙරිණි.

මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවන අතර, මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ගණනය කරගැනීම, ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු වීම හා සංචාරකයන්හට සුරක්ෂිතව මෙම කාඩ්පත මගින් මෙරට තුළ දී භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකිවීම වැනි ගුණාත්මක සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

NDB (National Development Bank ) බැංකුව  සමග සිදුකළ මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, NDB ජේෂ්ඨ උප සභාපති සංජය පෙරේරා, උප සභාපති සෙයාන් හමීඩ්, සහකාර උප සභාපති කාඩ්පත් අශාන් වික්‍රමනායක හා NDB කොල්ලුපිටිය ශාකාවේ කළමනාකරු කුරේෂ් සප්පිඩීන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.