Thursday, October 24, 2024
Follow Us
මහනුවර හන්තානේ විදෙස් පක්ෂී උද්‍යානය හෙට විවෘත වෙයි
මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු විදෙස් පක්ෂී උද්යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
මෙම හෙට (20) එම උද්යානය විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ 23 වන දිනය.
 
හන්තාන තේ කෞතුකාගාර පරිශ්රයට යාබදව අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂී උද්යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂී වර්ග සියයකට අධික ප්රමාණයකින් යුක්තය.
විදේශීය රටවලට ආවේණීක පක්ෂීන්, සංචාරක පක්ෂීන් ආදීන්ගෙන් සමන්විත මෙම උද්යානය ආබාධවලට පත්වූ පක්ෂීන්ට ප්රතිකාර කොට නිදහස් කරන ඒකකයකින් ද සමන්විත යැයි එහි සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසීය.
රුපියල් මිලියන 490ක විදයමින් ස්ථාපිත කොට ඇති මෙම විදෙස් පක්ෂී උද්යානයේ විශාල කූඩු තුල විදෙස් පක්ෂීන් රදවා ඇති අතර සියයකට ආසන්න කාර්යය මණ්ඩලයක් මගින් සතුන් රැක බලා ගැනිම සිදුකරති. වර්ෂ 40ක කාලයක් තිස්සේ විදෙස් පක්ෂීන් පිළිබදව කරන ලද අධ්යනයක් අනුව මෙම උද්යානය ස්ථාපිත කොට තිබේ. මේ අතර විදේශීය පක්ෂීන් රැසක් මෙරටදී අභිජනනය කිරීමට හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි.
ජනපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරෙන මෙම විදෙස් කුරුළු උද්යානය හා පාරිසරික සංචාරක කලාපයේ පළමු අදියර දෙස් විදෙස් සංචාරකයන්ට විදෙස් පක්ෂීන් නැරඹීමේ පහසුකම්, සත්ව විද්යා සිසුන් සඳහා අධ්යාපනික පුහුණු මධ්යස්ථානයක්, පක්ෂි අනාථාගාරයක්, පක්ෂී උපස්ථාන හා නිරෝධායන ඒකකයකින් යුක්තය.
විදෙස් පක්ෂීන් බිහිකිරීම හා අපනයනය කිරීමේ ඒකකයක්, පාසල් සිසුන් සඳහා අධ්යාපනික හා විනෝද මධ්යස්ථානයක්, ස්වාභාවික පක්ෂී අධ්යයන මධ්යස්ථානයකින් ද මෙම උද්යානය සමන්විත යැයි හන්තාන විදෙස් පක්ෂී උද්යානය සහ පාරිසරික සංචාරක කලාපයේ සභාපති නිශාන්ත කෝට්ටේගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය