Thursday, October 24, 2024
Follow Us
පෙබරවාරි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 26,506ක්

මෙම වසරේ පෙබරවාරි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 26,506 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් වේ.

මෙම වසරේ ජනවාරි මාසය තුළ 120,545 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

පෙබරවාරි මුල් සතිය තුළ පැමිණි සංචාරකයින්ගෙන් 25% ක්ම රුසියානුවන් වන අතර එම ගණන 6,619 කි.