Thursday, October 24, 2024
Follow Us
හැකි පළමු අවස්ථාවේ ම විසඳුම්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බලපාන බදු ගැටලුවලට හැකි පළමු අවස්ථාවේ ම විසඳුම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම ව්‍යාපාරවල පැවැත්මට හානිදායක විය හැකි බදු පිළිබඳ ක්ෂණික සහ මැද කාලීන වෙනස්කම් සිදු කිරීමට සූදානම් බවයි අමාත්යනවරයා පවසන්නේ. වාණිජ මණ්ඩල නියෝජිතයන් පිරිසක් සමග අද (02) මුදල් අමාත්යාංාශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්යතවරයා මේ බව කියා සිටියේ ය.

මෙහිදී වාණිජ මණ්ඩල නියෝජිතයන් විසින් බදු සංශෝධන හේතුවෙන් ව්ය වසායකයන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරයා කියා සිටියේ මෙහි දී දේශීය ආදායම් පනතට සිදු කළ යුතු සංශෝධන මොනවා ද සලකා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් උද්ධමනය යම් අඩු වීමකට ලක් වෙමින් ආර්ථිකය යම් බලාපොරොත්තු සහගත තත්ත්වයකට පත් වෙමින් ඇති මේ අවස්ථාවේ ඉදිරි මාස කිහිපය දෙස විමසා බැලීම වඩාත් සුදුසු බව අමාත්‍යවරයා පැවැසීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යනු වඩාත් ආර්ථිකයේ ප්‍රබලතම දායකයන් බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔවුන් රැක ගැනීම වෙනුවෙන් හැකි සෑම අවස්ථාවක ම කටයුතු කිරීමට රජයේ අපේක්ෂාව බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.