Thursday, October 24, 2024
Follow Us
සිංහල අවුරුද්දට පෙර කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගෙවයි

මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මග නැගුම ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මගින් සිදුකල මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති වලට සම්බන්ධව ගෙවීම් ප්‍රමාද වී තිබෙන ඉදිකිරීම් සමාගම් වල නියෝජිතයින් පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

රට තුළ ඉතා විශාල ආර්ථික අර්බුද තත්වයක් පැනනැගී තිබුනත් මේ වන විට ඉදිකිරීම් ඇන හිටීමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ඉදිකිරීම් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක්‌ ලබා දී තිබෙන බවත් එතෙක් පෙබරවාරී 3 ගෙවීමට ඇති මුදලින් 40 %ක කොටසක් එම සියළුම සමාගම් වෙත ගිණුම් ගත කිරීමට ද අමාත්‍යවරයා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

එසේම මාර්තු 30 වනදාට ප්‍රථම තවත් 30% ක මුදලක්ද, ඉතිරි 30%ක කොටස සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගෙවා අවසන් කිරීමටද සියලු කටයුතු සුදානම් කර අවසන් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.