රුපියල් මිලියන 12000ක මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 02 වැනිදා ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට අධි ඉල්ලුක් ලැබී තිබේ.
ඒ අනුව දින 91කින් කල් පිරෙන දින 182කින් හා දින 364කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සියල්ල සඳහාම අධි ඉල්ලුමක් පැවැති බව මහ බැංකුව පවසයි. රුපියල් මිලියන 12000ක මුදලක් ලබා ගැනීමට පැවැති මේ වෙන්දේසියට රුපියල් මිලියන 38918 අධි ඉල්ලුමක් ලැබී තිබේ.
දින 91කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 9500 අධි ඉල්ලුමක් පැවැති අතර, මහ බැංකුව පිළිගත්තේ රුපියල් මිලියන 4000කි. රුපියල් මිලියන 5104ක වටිනාකමක් දින 182කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට ඉල්ලුමක් පැවැති අතර, ඉන් පිළිගත්තේ රු. මිලියන 2483කි. දින 364කින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 24314ක අධි ඉල්ලුමක් පැවැති අතර, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඉන් පිළිගනු ලැබුවේ රුපියල් මිලියන 5517ක ප්‍රමාණයක් විය.
මේ අධි ඉල්ලුමක් පැවැති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සිදු වූ විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැක්කේ, පසුගිය සතියේ පැවැති වෙන්දේසියේ දී වැඩි පොලියකට මිලදී ගත් භාණ්ඩාගාර බිල්පත් සඳහා මෙවර අඩු පොලියක් යටතේ මිලදී ගැනීමට හැකිවීමයි.
දින 91 කින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා පසුගිය සතියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදායී අනුපාතය සියයට 7.67ක් විය. එය මේ සතියේ දී සියයට 7.60ක් විය. දින 182කින් කල්පිරෙන බිල්පත්වලට පසුගිය සතියේ සියයට 7.75පොලියක් ගෙවූ අතර, එය මේ සතියේ දී සියයට 7.73ක් ලෙස අඩු විය. දින 364 බිල්පත් සඳහා ගෙවන පොලිය සියයට 8.41ලෙස නොවෙනස්ව පැවැතීම ද අගය කළ යුත්තකි.
(Dinamina)